”දිට්වා” සුළි කුණාටුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයනගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයින් 193 දෙනෙකුගේ මරණ සදහා මෙලෙස ලියාපදිංචි සහතික නිකුත් කරනු ලබනවා.
පසුගිය 2 වෙනිදා මේ සම්බන්ධයෙන් අදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයකු පිළිබද සති 2කට පසුවත් යම් තොරතුරක් නොලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපංචි කිරීමේ සහතිකයක් නිකුත් කරන බවයි.
ඒ අනුව මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයින් 203 දෙනෙකු සඳහා රජයෙන් ලබා දෙන වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමේ අරමුණින් මෙම සහතික නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර, මධ්‍යම පළාතේ පුද්ගලයින් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම, අතුරුදන් වූවන්ගේ මරණ සහතික නිකුත් කිරීම ඇතුළු සේවා සැපයීමේ විශේෂ ජංගම සේවාවක් හෙට සහ අනිද්දා දිනයේ පැවැත්වෙනවා.
මධ්‍යම පළාත් නියෝජ්‍ය රෙජිස්ටාර් ජනරාල් තරංගා සුභාෂිණී මහත්මිය සඳහන් කළේ, එම සියලු සේවා එම අවස්ථාවේදීම නොමිලේ සිදුකර දීමට පියවර ගෙන ඇති බවයි.
හානියට පත් වූ විවාහ, උප්පැන්න සහ මරණ සහතික පිටපත් ලබා දීම ද මෙම ජංගම සේවාව හරහා සිදුකිරීමට නියමිතව තිබෙනවා.












