අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
නිට්ටඹුවේදී අද(01) අලුය 1ත් 1.30ත් අතර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී වෑන් රථයේ ගමන් කරමින් සිටි තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථය ගන් කර තිබෙනවා.
අදාළ වෑන් රථයන නතර කරන ලෙසට පොලිසිය සංඥා කළද අදාළ වෑන් රථය නොනවත්වා ධාවනය කර තිබෙනවා.
ඉන් පසුව පොලිස් යතුරු පැදි ඒකකයේ නිලධාරීන් වෑන් රථය පසුපස හඹා ගොස් තිබෙනවා.
අදාළ වෑන් රථය නිට්ටඹුව නගරයේ මාර්ග සංඥා සඳහා නවතා තිබියදී වෑන් රථයේ ඉදිරිපස සහ පිටුපස දකුණු ටයර්යට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
ඉන් පසුව වෑන් රථයේ සිටි පුද්ගලයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වන විට ඔවුන් අධික ලෙස බීමත්ව සිටි ඇති බවයි වාර්තා වන්නේ.
නිට්ටඹුව කටුනායක මාර්ගයේ උදම්මිට මංසන්ධිය මාර්ග බාධකයේ ගම්පහ කොට්ඨාස පොලිස් යතුරු පැදි ඒකකයේ පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු නිලදාරීන් පිරිසක් රාජකාරියේ යෙදී සිටියදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.