ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි අඩි 60ක ගැඹුරෙන් යුතු ළිං කුහරයකට ඇද වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.
ඊයේ දින පෙරවරු 11 ට පමණ ළිං කුහරයට ඇද වැටුණු මෙම දරුවා එහි අඩි 43 ක පමණ ගැඹුරින් වූ ස්ථානයක සිරිව සිටි බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පැය 24කට ආසන්න කාලයක් සිදු කළ මෙහෙයුමේදි එම දරුවා මුදා ගැනීමට හැකි වුවද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
එමෙන්ම ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ළිං කුහරයකට ඇද වැටීමෙන් ඊයේ දිනයේදි ද 5 හැවිරිදි දරුවෙකු මිය ගියා.