අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේදීයි.
2026 ලෝක ආර්ථික සංසදයට සමගාමීව මෙම හමුව සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, රටේ ආර්ථික තත්ත්වය ඇතුළු අනෙකුත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබුණා.
”සංවාදයේ ආත්මයක්” යන තේමාව යටතේ 2026 ලෝක ආර්ථික සංසද සමුළුව , රාජ්‍ය නායකයින්, රජයේ නායකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය ප්‍රධාන පෙළ රාජ්‍ය නායකයින්, ගෝලීය ආයතනවල ප්‍රධානීන් ඇතුළු ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික හමු කිහිපයක් පැවැත්වීමටද නියමිත බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














