අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ, චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ 27 වැනි චයිනා කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමටයි.
එය හෙට සිට ලබන 20 වන දා දක්වා චීනයේ කුන්මිං හිදී පැවැත්වීමට නියමිතයි.