අග්නිදිග විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුන් විසි දෙදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්.එම්. ජුනයිඩීන් මහතා මෙම පියවර ගෙන ඇත්තේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවකවදය ලබාදීමේ සිද්ධියක් මුල් කර ගනිමිනි.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී එම්.අයි. නවුපර් මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැලුම්ලත් කමිටුවක් විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවයි.
අග්නිදිග විශ්වි විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට එම පීඨයේම දෙවැනි වසරේ සිසුන් පිරිසක් පසුගිය දා නවකවදය ලබාදී තිබූණා.
ඊට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග පාලනාධිකාරිය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලිසිය විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.