චීනයේ බීජිං හි පැවැත්වෙන ”2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුවයි.
අග්‍රාමාත්‍යවරිය අද සිට ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් චීන රජය සහ බීජිං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.
”එක් අනාගතයක් කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙනවා.
මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගීවීමට නියමිතයි.
උණුසුම් පුවත්
- පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් හිටපු පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙකු සමග හතරක් අල්ලයි
- ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මිය ගිය ගණන ඉහළට
- පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්
- උතුරු කොලොම්බියාවේ බස් රථ අනතුරකින් 17 ක් ජීවිතක්ෂයට
- පුරාවස්තු සොයා කැණීම් කළ 6 දෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය කිලෝ 21 ක් කටුනායකදී අත්අඩංගුවට
- දවස් 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය රථ වාහන ධාවනයට විවෘත කෙරේ
- හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්













