පාර්ලිමේන්තුව තුළ අගමැතිනිය සහ මැති ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ පරස්පර බවත් මෙ දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ගැටලුවක් වී ඇති බවත් දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා.
රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේ හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.
“පසුගිය දවස්වල ලොකු කතාවක් ගියා රොකට් යවපු එකෙන් ලොකු ගානක් ලංකාව වියදම් කරලා තියෙනවා, ඒක වංචාවක් කරලා තියෙනවා, රාජපක්ෂලා ඒකට ගොඩක් වියදම් කරලා ඒකට සල්ලි ගෙව්වා කියලා ආන්දෝලනයක් වුණා.
ඊට පස්සේ ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනකොට අගමැතිතුමිය පිළිතුරු දුන්නා ඒකට ලංකාවෙන් සතයක්වත් වියදම් කරලා නෑ කියලා.
ඒත් ඇමැතිවරු කිහිපදෙනේක කියනවා ඒකට වියදම් කරලා තියෙනවා අගමැතිතුමියගේ පිළිතුර හරි නැහැ කියලා.
පාර්ලිමේන්තුවේ අගමැතිතුමිය කියන වචනයට වැඩිය ඇමැතිවරුන් කියන දේ හරිද කියලා අපි දන්නේ නෑ. නමුත් මේකෙන් සිදුවෙන්නේ ජනතාව නොමගයැවීමක්.
මොකද මේ තරම් වියදම් කරලා යවපු රොකට් එක නිසා වියදම් නෑ කියනවා නම් එතකොට මොකද වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ කියපු දේවල් ඔක්කොම බොරුද?
අපි දැනගන්න ඕන පාර්ලිමේන්තුවේ ඇත්ත කතාව. නැත්නම් ජනතාව පාර්ලිමේන්තුව විශ්වාස කරන්නේ නෑ. මිනිස්සු හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේ කියන සේරම දේවල් ඇත්ත කියලා. වැරදි නැතුව ඒ දේවල් කියනවා කියලා.
ඒ වගේම පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාම කිව්වා වතු කම්කරුවන්ට රුපියල් 1700ක් පඩි දෙන්නම් කියලා. අද වෙනකම් ඒ පඩි දීලා නෑ.
තවමත් රුපියල් 1350ක් තමයි එයාලට ලැබෙන්නේ. පාර්ලිමේන්තුවේම කිහිපසැරයක් කියලා මිනිස්සුන්ව නොමග යවන ප්‍රශ්න තමයි කරන්නේ.
ඒක නිසා පාර්ලිමේන්තුව කියන දේවල් හරියට කරන්න ඕන. ඒවා ඉෂ්ඨ කරන්න ඕන.
හොරු අල්ලනවා කියලා හොරු අල්ලනවා ආයේ නිදහස් කරනවා. මේ වගේ සෙල්ලම් වැඩ පාර්ලිමේන්තුවේ කරන්න හොඳ නෑ. පිළිවෙළට වැඩ කරන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මොකද පාර්ලිමේන්තුව කියන්නේ දේශීය විදේශෙීය ජනතාව බලන එකක්.
මේ වගේ සිදුවීම් පාර්ලිමේන්තුව තුළ සිදු වෙනවා නම් එය එච්චර සුදුසු දෙයක් නෙවෙයි. ”