අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි ඊයේ සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඉන්දියාවේ රාෂ්ට්‍රපති භවන්හිදී පැවති උත්සවයේදී ජනාධිපතිනි දෘපදී මුර්මු ඉදිරියේ මෝදි දිවුරුම් දීමටයි කටයුතු කළේ.
දිවුරුම් දීමේ උත්සවයට පෙර අගමැති මෝදි රාජ්ගාට් හි පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර ජාතික යුද ස්මාරකය වෙත ද පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළා.
දිවුරුම් දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ලොව පුරා නායකයන් රැසක් එක්ව සිටියා.
නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 293ක් ලබා ඉන්දීය මහමැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ තුන්වන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුණා.
ජවහර්ලාල් නේරුගෙන් පසු තුන්වරක් අගමැති ධූරයට පත් වූ පළමු පුද්ගලයා වන්නේද නරේන්ද්‍ර මෝදියි.
උණුසුම් පුවත්
- ප්‍රදේශ රැසකට පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි
- පුනර්ජනනීය බලශක්ති වර්ධනයට ඇමෙරිකා ඩොලර් මිලියන 52ක් ණය ආධාරයක්
- කර්මාන්ත අමාත්‍යාංශයේ විනිවිදභාවය imf නියෝජිතයන්ගේ පැසසුමට
- ජගත් මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් සහ අගමැති අතර හමුවක්
- අගමැති සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති අතර හමුවක්
- පිරමිඩ ජාවාරමට සම්බන්ධ අඹුසැමි යුවලක් අත්අඩංගුවට
- ශෂීන්ද්‍රට උදව් කරලා අත්අඩංගුවට ගැනුණු අතිරේක ලේකම්වරියට ඇප
- නීති විරෝධී බීඩි කොළ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට