අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ අනෙක් වෙඩික්කරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙබරවාරි 13 වන දින තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී කාර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකුට විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ එක් වෙඩික්කරුවෙකු පසුගිය 21 වන දින අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.
අදාළ වෙඩි තැබීමට සම්බන්ධ අනෙක් වෙඩික්කරුද විමර්ශන නිලධාරීන් විසින් අද (24) දින ඌව පළාතේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.














