අකුරේගොඩදී නිතීඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතන සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් පොල්ගස්ඕවිට ඩිලා නමැත්තාට ආධාර අනුබල දුන් චෝදනාවටයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම සැකකරු 42 වැනි වියේ පසුවන අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.












