කොළඹ පහ රාමනාදන් හින්දු විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් ඩුබ්ලිකේෂන් පාර සම්පුර්ණයෙන්ම අද අවහිර වුනා..
දිල්සි හම්සිකා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට ගුරුවරුන් දෙදෙනෙකු වගකිව යුතු බවට චෝදනා කරමිනුයි දෙමාපියන් පිරිසක් මෙසේ විරෝධතාවක නිරතව ඇත්තේ.
පසුගිය 29 වනදා මෙම සිසුවිය මිය ගොස් තිබුණා.
විරෝධතාකරුවන් විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර වන සේ විරෝධතාවේ නිරත වන බවයි වාර්තා වුනේ.
පොලිස් කැරළි මර්දන ඒකකය ද මෙම ස්ථානයට කැඳවා තිබුනා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවයි.
ඒ අනුව අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාළ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් කටයුතු කර ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.
මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර, වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ද අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා දහසක්…
- අයිස් මත්ද්‍රව්‍ය කිලෝවකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අල්ලයි
- හෙට සිට කාලගුණ තත්ත්වයේ වෙනසක්
- පාසල් සිසුවියන්ට අසභ්‍ය ඡායාරූප පෙන්වූ පුද්ගලයෙක් අත්අඩංගුවට
- ශ්‍රී පාද වන්දනාවේ ආ විදේශිකයෙක් ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එප්පාවල විරෝධතාවක්
- රුපියල් මිලියන 900කට අධික මුදලක් වංචා කළ රේන්බෝ අයිතිකරු යළි රිමාන්ඩ්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –













