ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එරට පාර්ලිමේන්තුවේදී සියදිවි නසාගෙන තිබෙනවා.
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඊමෙලි පෙල්ටොනන් හෙල්සින්කි මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එරට පාර්ලිමේන්තුව ගිම්හාන නිවාඩුව වෙනුවෙන් මේ වනවිට වසා දමා තිබෙනවා.
හෙල්සින්කිගේ සිරුර ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ තිබියදී සොයා ගත් බවයි වාර්තා වන්නේ.
මෙය සියදිවි නසා ගැනීමක් බවටයි පොලිසිය සැක පල කරන්නේ.
සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය නියෝජනය කළ 30 හැවිරිදි ඔහුගේ මරණය මේ වනවිට ෆින්ලන්ත දේශපාලන ක්ෂේත්රය කැළඹීමකට ලක්කර තිබෙනවා.













