ළමා අපයෝජනවලට වරදකරුවන් වූ හෝ වෝදනා ලැබූ පුද්ගලයන් නැවත ළමයින් සමග සමීප වීමට එරෙහිව රෙගුලාසි සකස් කිරීමට තීරණය කර තිබෙනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ එවන් පුද්ගලයින් ළමයින් සමග කටයුතු කරන ආයතනවලට අනුයුක්ත කිරීම වළක්වාලීමට අදාළ රෙගුලාසි සැකසීමට අවධානය යොමුව ඇති බවයි.
ඒ අනුව මෙලෙස චෝදනා ලැබූ හෝ වරදකරුවන් වූ පුද්ගලයන් රෝහල්වල ළමා වාට්ටුවලට, ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන වෙනත් ආයතනවලට, පාසල්වලට යොමු නොකිරීමට වගබලා ගන්නා ලෙස දක්වමින් මෙම රෙගුලාසි සැකසෙනු ඇති.
මෙම යෝජනාවලට අදාළව නීතිපති නිරීක්ෂණ ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කලේ.