Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ළඟදි බඳින්නද ඉන්නේ… පෝරුවටත් නගින්නද අදහස… එහෙම නම් අනිවාර්යයෙන්ම මේක කියවන්න…

    ළඟදි බඳින්නද ඉන්නේ… පෝරුවටත් නගින්නද අදහස… එහෙම නම් අනිවාර්යයෙන්ම මේක කියවන්න…

    2023-02-28කියවීමට මිනිත්තු 4ක් ගතවේ.112 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගැහැනියක සතුවූ උතුම්ම වස්තුව වන්නේ තමාගේ නොඉඳුල් බවයි.

    නැතහොත් කන්‍යාභාවය රැකගැනීමය. ගැහැනියක කිහිපවරක් උපදී. ඒ පළමුව මවගේ කුසයෙනි. ඉන්පසු මල්වරවූ දිනයේය.

    තුන්වැන්න විවාහය සිදුවන දිනයේය. අවසානයේ ඇය මවක වූ දිනයේය.

    මෙහිදී යුවතියක මල්වරවූ දිනයේ සිට විවාහය සිදුවන දිනය දක්වා තමාගේ නොඉඳුල් බව රැකගත යුතුය.

    වෙනත් ලෙසකින් කිවහොත් කන්‍යාවියක ලෙස විවාහය දින මංගල පෝරුවට නැගිය යුතුය.

    ඉන්පසු ඇය පතිවත රැකිය යුතුය. ඇතැම්විට මේවා හණමිටි අදහස් හෝ බමුණු අදහස් ලෙස වර්තමාන තරුණ පරපුර සිතා සිටීමට හැක.

    ඒත් මේ බමුණු අදහස් අතීතයටත් වර්තමානයටත්, අනාගතයටත් වැදගත්වේ.

    පවුල් සංස්ථාවක යහපැවැත්ම සඳහා මෙය වැදගත්ය. යුරෝපීය රටවල වුවද මේ ගැන අවධානය යොමුව ඇත.

    ඉන්දියාවේ මෑතක් වනතුරු ‘සති පූජාව’ පවත්වා ඇත. ඒ මගින් සිදු කරන්නේ ස්වාමියා හදිසියේ මියගියහොත් බිරිඳ ගිනි මැලයකට පැන සියදිවි නසාගත යුතුය.

    තමාගේ ප්‍රාණයටත් වඩා ස්වාමියාට ඇති භක්තිය මෙන්ම තමාගේ පිරිසිදු බව සනාථ කිරීමට මෙය උපයෝගී කරගෙන ඇත.

    හින්දු සමාජය ‘අපවිත්‍ර ’ ස්ත්‍රිය දකින්නේ ඉතාම පිළිකුල් සහගතවය. මුස්ලිම් සමාජය වුවද මේ පවිත්‍රත්වයට ගරු කරන බවට සාධක ඇත.

    පිරිමින්ට විවාහ කිහිපයක් කරගන්නට අවස්ථාව ඇතත්, ස්ත්‍රියකට අනියම් සම්බන්ධතා සම්පූර්ණයෙන්ම තහනම්ය.

    ඉස්ලාම් ආගමේ පුරුෂයාට ‘බහු විවාහ’ සඳහා අවස්ථාව ලබාදී ඇත්තේ තමාගේ වර්ගයා බෝ කිරීම සඳහාය.

    මෙය වෙනත් ලෙසකට අර්ථකතනය කරන්නට සිතුවද සත්‍යය එයයි.

    එසේම රැකියාවක් කරන මුස්ලිම් කාන්තාවකගේ ස්වාමිපුරුෂයා මියගියහොත් ඇයට මාස තුනක් යනතුරු අනිවාර්ය නිවාඩු හිමිවේ.

    ඒවා හඳුන්වන්නේ ‘ඉඩ්ඩා නිවාඩු’ ලෙසය. රැකියාවක් නොකරන කාන්තාවකට වුවද මාස (03) තුනක් යනතුරු තම නිවසින් බැහැරව යෑම තහනම්ය.

    මේ ලෙස පත්වන්නේ ඇයගේ පතිවත හෙවත් පිරිසිදු බව පෙන්වීමටය.

    සිංහල සමාජයේද කාන්තාවන්ගේ පතිවත ඉහළින් අගය කරනු ලැබේ. ඒ නිසා ‘දෙවැනි ගමන’ යන චාරිත්‍රය පැවැත්වේ.

    එදාට මනාලිය තමාගේ ස්වාමියාගේ නෑදෑයින්ට තමාගේ පවිත්‍රත්වය සනාථ කළ යුතුය.

    ඒ නිසයි දෙවැනි ගමන රතු මල් පොකුරක් සහ රතු සාරිය හෝ ඔසරිය අඳින්නේ. පළමු දිනයේ තමා පිරිසිදු බව කීමට සුදු මල් පොකුරක් සහ සුදු ඇඳුමක් ඇඳීමද මේ සලකුණයි.

    එහෙත් වර්තමානයේ මේ මල් පොකුර (මල් බොකේ) යන නිවැරැදි හැඟීමෙන් බැහැරව විවිධ විවිධ වර්ණ මල්වලින් ඒ සැකසීම සිදු කරයි.

    මල් පොකුර සාදන්නේ නොදැනුවත්කම හෝ ව්‍යාපාර බුද්ධිය නිසා එසේ සිදු කළද දෙමාපියන් තමාගේ දියණියගේ පිරිසිදුකම පෙන්වීමට සුදුමල් කළඹක් ලබාදීම වැදගත්ය.

    මේ මල් කළඹ මෙන්ම ඇඳුමද වැදගත් සේම ‘මංගල පෝරුවද’ විවාහයකදී ඉතාම වැදගත්ය. යුරෝපීයයන්ගෙන් උරුම වූ සිරිතක් සේ මංගල පෝරුවේ නැගීම පෙනුනද ඊට පෙර ඈත අතීතයේද මංගල පෝරුවට නැගි බවට ඇතැම් සාධක ඇත.

    අතපැන් වත්කිරීම, අෂ්ඨක කීම, බුලත්දීම ආදී චාරිත්‍ර අතීතයේ සිටම ‘පෝරුව’ යන වචනය භාවිතා නොවුණද යුවළ යම්කිසි සරසන ලද වේදිකාවක නැඟුණු බවට සාධක ඉතිහාසයේ ඇත.

    හත්දොහේ මඟුල් ගැට වැනි යෙදුම්වලදී ඒ බව සනාථ වේ. රන් නූලෙන් සුළැඟිලි බඳින්නේ පෝරු මස්තකයේදීය.

    කෙසේ වෙතත් මංගල පෝරුවට නැගිය යුත්තේ ‘නොඉඳුල්’ කාන්තාවන් පමණි. මෙය උගත් මතයකි. කන්‍යාභාවය හානිකරගත් ඉඳුල්වූ කාන්තාවන්ට මංගල පෝරුව අකැපය.

    ඔවුනට විවාහයේදී පෝරුවේ නැගීම තහනම්ය. එහෙත් වර්තමානයේ ගණිකාවන්ද පෝරුවේ නගිනු පෙනේ.

    එසේම පළමු විවාහය අසාර්ථක වූ කාන්තාවන්ටද පෝරුව අහිමිය. එයද වර්තමානයේ බැහැරවී ඇත.

    මංගල පෝරුව යන්නෙන් අදහස් කරන්නේ. ‘මංගල’ යන අදහසයි. මංගල යනු සුභ සහ අලුත් යන අරුථකි.

    එසේ නම් එය නැවුම් එකක් විය යුතුය. ජ්‍යොතිෂයට අනුව මංගල නැකැත් සැකසූ පරිදි මනාල යුවළ පෝරුව මත සිටිය යුතු දිසාවත් තීරණය කරනු ලැබේ.

    එය බොහෝවිට උතුර හෝ නැඟෙනහිර දිසාව බලා යෙදේ. මෙයින් අදහස් කරන්නේ දිනයට අදාළ ‘මරු සිටින’ දිශාවට පිටුපා සිටීමය.

    අතීතයේදී මංගල පෝරුව සකසන්නට යොදා ගත්තේ කොස් හෝ කොහොඹ හෝ එවැනි ශාකයක ලීය.

    එහෙත් වර්තමානයේ යොදා ගන්නේ රට අඹ ලෑලි හෝ සවරි නුග වැනි ‘බාල’ වර්ගයේ ලෑලිය. (පකිස් පෙට්ටියක් මත නැග්ගේ නම් මීට වඩා සුදුසුය. ) කොස් යනු ‘කිරි’ ශාකයකි.

    කොහොඹ යනු ඖෂධ ශාකයකි. මේ දෙකෙන්ම සිදුවන්නේ මනාල යුවළට යහපතක්ය.

    මංගල පෝරුව සැකසීමේදී නැකැත් පත්‍රයේ ඇති දිශාවට අනුකූලව පෝරුව පිළියෙළ කෙරේ. ඒ ස්ථානය නැවත වෙනස් කරනු ලැබේ. එසේම ‘මංගල පෝරුවේ’ මනාල යුවළ නැග්ගාට පසු එය ඉඳුල් වූ සේ සැළකේ.

    විහිළුවට වත් වෙනත් අයෙකුට එහි ගොඩවීමට අවසර නැත. එය ‘වස් වදින’ ක්‍රියාවක් සේ සැළකේ. එහෙත් වර්තමානයේ මේ මංගල පෝරුව ‘මංගල පෝරුවක්’දැයි සැකයකි.

    බොහෝ විට එය කුලියට ගන්නා එකකි. එහි කී දෙනෙක් නගින්නට ඇත්ද? කී වතාවක් ඉඳුල් වන්නට ඇත්ද? එහි මංගල (නැවුම්) ගතියක් පවතීද?

    නොඉඳුල් මනාලිය ගොඩවූයේ ඉඳුල්වූ පෝරුවකටය. එසේම ඉතාම ලාභ දැවයකින් සැකසූ පෝරුවකටය.

    එය සැකසීමේදී පෝරුව සකසන්නේ උත්සව ශාලාවේ ඔවුන්ට පහසු ස්ථානයක හෝ උත්සව ශාලාවේ පිළියෙළ කර ඇති ස්ථානයක සවිකෙරේ. එවිට ‘සුභ දිශාව’ විහිළුවක් වී හමාරය.

    අතීතයේ මංගල පෝරුව සැකසුවේ ‘ගොක් කොළ’ වැනි ස්වභාවික දෙයකිනි. එහි වර්තමානයේ එය රිජිෆෝම් – කාඩ්බෝඩ්, ප්ලාස්ටික් වැනි පරිසරයට හානිවන දෙයකින් එය සැකසේ. (බොහෝ විට මනාලියගේ යට ඇඳුම් හැර අනෙක් ඒවාද කුලියට ගත් ඒවාය.)

    ආර්ථිකය පහසුව, නිර්මාණ ශිල්පීන් හිඟබව නිසා මේ සිදුවනු ඇත. එහෙත් ඔබ නොසිතාම එදාම විවාහ ජීවිතයට ගැටලු ඇතිකර ගන්නා ලදී.

    නොකිළිටි බව පෙන්වන කිළිටි වූ මංගල පෝරුව වර්තමානයේ විවාහ ජීවිත දෙදරා යෑමට ප්‍රබල සාධක කිහිපයක් බලපා ඇත.

    විස්තර කිරීම දිගුවන නිසා කෙටියෙන් ලියමි.

    (1) විවාහයට පෙර කන්‍යා භාවය නැතිකර ගැනීම

    (2) මංගල නැකැත් පිළිනොපැදීම

    (3) මංගල චාරිත්‍රවලට වඩා ඡායාරූප ශිල්පීන්ට වැඩි කාලයක් දීම

    (4) විවාහයට පෙර සිටම ශාරීරික සබඳතා පැවැත්වීම

    (5) කුලියට ගත් මඟුල් පෝරුවකට නැගීම

    (6) නිවැරැදි චාරිත්‍ර ඉටු නොකිරීම

    (7) ඖෂධ හෝ දැවමය (කිරි) වටිනාකමක් නැති පෝරුවකට ගොඩවීම

    (8) නිවැරැදිව දිසාගත නොවීම මේ නිසාම දික්කසාදය, දරුඵල අහිමිවීම, විවාහ ගැටලු අඩදබර ආදිය සිදුවීමට ඉඩකඩ වැඩිය.

    ‘මංගල පෝරුව’ ‘මංගල’ පෝරුවක් විය යුත්තේ මේ නිසාය.

    දේශබන්දු පේරාදෙණියේ එස්. වීරරත්න

    විශ්‍රාමලත් විදුහල්පති – සාමවිනිසුරු

    (උපුටා ගැනීමකි)

    කන්‍යභාවය මංගල පෝරුව විවාහ මංගල්‍යය
    පෙර පුව​තජීවන වියදම ඉහළ යෑමට එරෙහිව ලිස්බන් නුවර විරෝධතා
    ඊළඟ පුව​ත ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල්යයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group