ඉරාන පාර්ලිමේන්තුව හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. කෙසේ වෙතත් අවසාන තීරණය ගනු ලබන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ ඉරානයට උතුරින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට දකුණින් බවයි සඳහන් වන්නේ. හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ඉතාම වැදගත් මාර්ගයක් වන අතර, ලෝකයේ සමස්ත බොරතෙල් වෙළෙඳාමෙන් සියයට විස්සත් සියයට විසි පහත්, අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙනු ඇති. මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේටය, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මෙම කලාපය හරහායි. ඒ හේතුවෙන් මෙම සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් ගෝලීය තෙල් සැපයුමට විශාල බලපෑමක් ඇති විය හැකි අතර, තෙල් මිල ඉහළ යෑමට ද එය ඉවහල් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
- අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
- නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
- දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි
- සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ
- අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
- කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි














