
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නැව්වලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, අමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත යළිත් පූර්ණ නාවික අවහිරතාවයක් පනවා තිබෙනවා. මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර පැවති තාවකාලික සටන් විරාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, කලාපය තුළ දැවැන්ත යුද්ධයක් ඇති වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කළේ. පසුගිය අප්‍රේල් මාසයේදී පැනවූ මෙම අවහිරතාවය, ජූනි මාසයේ ඇති කරගත් සාකච්ඡා ගිවිසුමකින් පසු ඉවත් කරගැනීමට අමෙරිකාව පියවර ගත්තා. නමුත් එම සාකච්ඡා අසාර්ථක වෙමින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටුම් නැවතත් උත්සන්න වී තිබෙනවා.
මේ අතර, හෝමුස් හරහා ගමන් කරන නැව්වලින් 20%ක ගාස්තුවක් අය කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින් සැලසුම් කළද, ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල රාජ්‍ය නායකයන්ගේ ඉල්ලීම මත ඔහු එම තීරණය වෙනස් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. නැව්වලින් ගාස්තු අය කරනවා වෙනුවට, එම රටවල් අමෙරිකාව තුළ ඩොලර් බිලියන ගණනක විශාල ආයෝජන සිදුකිරීමට එකඟ වී තිබෙනවා. නාවික අවහිරතාවය පැනවීමට පෙර අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ මිසයිල, ඩ්‍රෝන සහ වෙරළාරක්ෂක මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණා.














