වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් සහ හොරණ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රථ වාහන පරීක්ෂාවක් සිදු කර තිබෙනවා .
ඒ රිය අනතුරු අවම කිරීම සදහා අද සිට ක්‍රියාත්මක කරන නව නීති රෙගුලාසි වලට අනුකූලවයි.
මෙම මෙහෙයුමේ දී අධික කළු දුම් සහිත ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන හා රථවාහනවල සීට් බෙල්ට් ඇතුළු අමතර උපාංග හා කොටස් සවිකර ඇති බස් රථ ඇතුළු පුද්ගලික වාහන පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
අද පෙරවරුවේ ආරම්භ කළ මෙම පරික්ෂාවේ දී පෙට්‍රල් රථ වාහන 66 ක්, ඩීසල් රථ වාහන 56ක් සහිතව වාහන 120ක් පරීක්ෂාවට ලක් කර තිබුණා.
එහිදී පෙට්‍රල් රථවාහන 8ක් සහ ඩීසල් රථ වාහන 43ක් අධික කළු දුම් සහ වාහන අඩුපාඩු නිවැරදි කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කිරීම සඳහා නියෝග කර ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














