හෙළයේ මහා ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් කලාශූරී ලතා වල්පොල මහත්මිය අද(27) අභාවප්රපාත් වී තිබෙනවා.
1934 වර්ෂයේ ගල්කිස්ස ප්රදේශයේදී උපත ලද ඇය මියයන විය පසු වූයේ 91 වන වියේයි.
1946 වර්ෂයේදී රේඩියෝ සිලෝන්හි තම පළමු ගායනය ඉදිරිපත් කරන විට ඇයගේ වයස අවුරුදු 12ක් වූවා.
අභාවප්රාප්ත වන විට ඇය ගීත දස දහසකට අධික ප්රමාණයක් ගායනා කර ඇති අතර විදේශීය භාෂාවලින් ගයන ගීතද ඒ අතර වනවා.
එසේම චිත්රපට 600කට අධික ප්රමාණයකට ඇය සිය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.













