මුහුදේ අනතුරට පත් ධීවර යාත්රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් යෙදවීමට ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
ශ්රී ලංකා ගුවන් හමුදාව මේ වනවිට Y-12 ගුවන් යානයක් භාවිතා කරමින් අතුරුදහන් වූ ධීවරයින් සොයා ප්රදේශය නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ. .
දෙවුන්දර ධීවර වරායෙන් පිටත්වූ යාත්රාවක් සහ මොරගල්ල ප්රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්රාවක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.