බිබිල පොලිස් බල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කළ වැටලීමකදීයි.
එහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 600ක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් බිබිල ප්‍රදේශයේම පදිංචිකරුවන්.
ඔවුන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.