හෙරොයින් සමග පුද්ගලයන් සිව්දෙනෙක් ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අතුරුගිරිය, බඩල්ගම සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.
අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් හයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතුරුගිරිය පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 41ක් පමණ වන හබරකඩ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර බඩල්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ද හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බඩලග්ම, කෙහෙල්ඇල්ල ප්‍රදේශයේදීයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් හයසියක් සොයා ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු බඩල්ගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක්.
බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
එගොඩඋයන ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීම් දෙකකදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලක්සිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම් දෙක සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
එහිදී හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් හාරසියක් සමග එක් සැකකරුවෙක් සහ හෙරොයින් ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් හාරසියක් සමග තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 46 යන වයස්වල පසුවන මොරටුව සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් එගොඩඋයන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එගොඩඋයන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.