හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් බොරැල්ල මිහිඳුසෙන්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.
සැකකාරිය අත්අඩංගුවට ගන්නා විට ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 490 මිලිග්‍රෑම් 300ක් සොයාගෙන තිබෙනවා.
65 වන වියේ පසුවන සැකකාරිය දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය කියා සිටියේ.













