
හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව ජනඅරගල පුරවැසි සංවිධානය විසින් අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
එහි ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර මහතා සදහන් කලේ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ෂනයක් සිදු කළ යුතු බවයි.
අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ල ගොනුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.














