රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත මාරුකර තිබෙනවා.
මිරිහාන පොලිසිය මගින් පසුගිය 31 වනදා ලොහාන් රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළවයි.
පසුව ඔහුව ගංගොඩවිල අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කෙසේවෙතත් ලොහාන් රත්වත්තේ මහතාට ප්‍රතිකාර ලබා ගැනීම සදහා බන්ධනාගාර රෝහලවෙත යොමු කිරීමට අතිරේක මහේස්ත්‍රාතවරයා අවසර ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්