රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත මාරුකර තිබෙනවා.
මිරිහාන පොලිසිය මගින් පසුගිය 31 වනදා ලොහාන් රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළවයි.
පසුව ඔහුව ගංගොඩවිල අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කෙසේවෙතත් ලොහාන් රත්වත්තේ මහතාට ප්‍රතිකාර ලබා ගැනීම සදහා බන්ධනාගාර රෝහලවෙත යොමු කිරීමට අතිරේක මහේස්ත්‍රාතවරයා අවසර ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













