රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත මාරුකර තිබෙනවා.
මිරිහාන පොලිසිය මගින් පසුගිය 31 වනදා ලොහාන් රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළවයි.
පසුව ඔහුව ගංගොඩවිල අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කෙසේවෙතත් ලොහාන් රත්වත්තේ මහතාට ප්‍රතිකාර ලබා ගැනීම සදහා බන්ධනාගාර රෝහලවෙත යොමු කිරීමට අතිරේක මහේස්ත්‍රාතවරයා අවසර ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට













