හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයාව සිටි සමන් ඒකනායක මහතාගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා.
එම තහනම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසයි අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කර ඇත්තේ.
කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගයක් අනුව මෙම විදේශ ගමන් තහනම නියම කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා පුද්ගලික විදෙස් සංචාරයක් සදහා මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමට අදාළව සිදු වන විමර්ශන හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට දින කිහිපයකට පෙර සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමක්ද සිදු කර තිබුණා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධ විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි පොලීසිය සදහන් කළේ.
උණුසුම් පුවත්
- මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක්
- විභාග පැවැත්වෙන කාල සීමාව ගැන දැනුම්දීමක්
- වැලිගම මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- කරණ්දෙණිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
- මෝටර් රථ දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
- ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට