හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයාව සිටි සමන් ඒකනායක මහතාගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා.
එම තහනම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසයි අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කර ඇත්තේ.
කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගයක් අනුව මෙම විදේශ ගමන් තහනම නියම කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා පුද්ගලික විදෙස් සංචාරයක් සදහා මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමට අදාළව සිදු වන විමර්ශන හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට දින කිහිපයකට පෙර සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ශන දෙපාර්තුමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමක්ද සිදු කර තිබුණා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සංචාරයට මුදල් අනුමත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධ විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි පොලීසිය සදහන් කළේ.
උණුසුම් පුවත්
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට














