හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යා 60 ක් දක්වා අඩු කිරීමට එරෙහිවයි ඒ මහතා මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ.
මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බවයි.
ඊට අමතරව මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට අවසර ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවශ්‍යතාවයක් වේ නම් පෙත්සම්කාර පාර්ශවයට ද ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බවත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











