හිටපු කතානායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල මහතාට මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වාසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ රන්වල මහතා විසින් සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදු කරන ලද රිය අනතුරට අදාළව මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනෙන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.
අසෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථයේ මෝටර් රථයක් ගැටීමෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස 11 වනදා රාත්‍රී 7.40ත් 8ත් අතර කාලයේදී මෙම රිය අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ කාන්තාවක් සහ කුඩා දරුවෙක් සිට ඇති අතර ඔවුන් දෙදෙනාම අනතුරෙන් තුවාල ලැබුවා.
එහිදී අනතුරට ලක්වූ ජීප් රථය, මෝටර් රථය සහ තවත් යතුරු පැදියක් පොලිස් භාරයට ගැනුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ජාතික ජන බලවේග ආණ්ඩුව පළමු කතානායකවරයා ලෙසටද කටයුතු කරනු ලැබුවා.














