හිටපු අමාත්‍යවරයකු වන ඩග්ලස් දේවානන්දා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ 2001 වර්ෂයේදී සිය පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබාදෙන ලද ගිනි අවියක් 2019 වර්ෂයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් නමැත්තාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව බවටයි වාර්තා වන්නේ.
ප්‍රශ්න කිරීම් අනුව සොයා ගන්නා ලද ගිනි අවියේ අංක පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ ගිනි අවිය දේවානන්දා මහතාට නිකුත් කර තිබූ ගිනි අවියක් බවයි.
අදාළ ගිනි අවිය සම්බන්ධයෙන් දේවානන්දා මහතාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී එම ගිනි අවිය අස්ථානගත වූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට ඔහු අපොහොසත් වී තිබෙනවා.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.













