හැටන් ප්‍රදේශයේ සහල් වෙළෙඳුන් පිරිසක් කීරි සම්බා සහ සම්බා සහල් අලෙවියෙන් ඉවත් වීමට පියවර ගෙන තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ පාලන මිල ගණන් යටතේ කීරි සම්බා සහ සම්බා සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් පැවතීම හේතුවෙන් බවයි ඔවුන් පවසන්නේ.
තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන එම වෙළෙඳුන් පවසන්නේ රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති පාලන මිල ගණන් යටතේ කීරි සම්බා සහ සම්බා සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බවයි.
එම පාලන මිලට වඩා සහල් තොග මිල ඉහළ ගොස් ඇති බවත් එම තත්ත්වයන් මත පාලන මිලට සහල් තොගවත් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් වෙළෙඳුන් පවසනවා.
එසේම පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග ලබාගෙන පාලන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නොහැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.
පාලන මිලට වැඩියෙන් සහල් තොග ලබාගෙන වැඩි මිලට සහල් අලෙවි කිරීම හරහා අධිකරණය හමුවට යාමට සිදුවන්නේද තමන්ට බවත් ඊට වඩා කීරි සම්බා සහ සම්බා සහල් විකිණීම නතර කිරීම වඩාත් හොඳ බවයි එම ව්‍යාපාරිකයන් පිරිස පවසන්නේ.
මෙම හේතුවෙන් ප්‍රදේශයේ මේ වන විට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් පැවැතීම හේතුවෙන් ඇතැම් පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද වාර්තා වනවා.