හැටන් නගරය අදියර කිහිපයක් යටතේ නිසි සැලැසුමකට අනුව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පවසනවා.
ඉන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන මත හැටන් මල්ලිඅප්පු මංසන්ධියේ සිට දික්ඔය නගරය දක්වා කිලෝමීටර් හයක් මාර්ගය දෙපස කාණු පද්ධතිය සකස් කර මාර්ග කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම සහ හැටන් නගර මධ්‍යයේ අංග සම්පූර්ණ රථ ගාලක් ඉදිකිරීම සම්බණ්දයෙන්අවසන් සැලසුමක් සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබාගැනීමට හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව 7 වැනිදා පස්වරුවේ හැටන් අජන්තා උත්සව ශාලාවේදී හමු වූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඒබ ව කියා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ මෙතෙක් කාලයක් නගර සභාව පාලනය කළ පාලකයින් විසින් ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස් සහ යෝජනා සහ නිසි සැලස්මක් නොමැතිව සංවර්ධනය කර ඇති බවත් එම සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක්ද වැය කර ඇති බවයි.
වත්මන් රජයේ සියලු පාර්ශ්වයන්ගේ යෝජනා සහ අදහස් සලකා බලමින් නිසි සැලැස්මක් අනුව සංවර්ධන කටයුතු සිදු කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය මගින් නුවරඑළිය දිස්ති5ක්කය තුළ පදිංචි ජනතාවගෙන් 11%කට පමණක් පානීය ජලය ලබාදෙන බවත් 89%ක ජනතාව ඇළ දොළ ගංගාවලින් සහ ජල මූලාශ්‍රවලින් ලබාගන්නා ජලය දෛනික කටයුතු සඳහා භාවිතා කරන බවයි.
එසේ ජලය ලබාගන්නා අයගේ ජල මූලාශ්‍රා එක් කරගනිමින් 50%ක ජනතාවකට ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් පිරිසිදු පානීය ජලය ලබාගැනීමට රුපියල් බිලියන 56ක ප්‍රතිපාදන අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවත් එම මුදල්ද වෙන්කර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාපර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවිය සහ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාද සහභාගිව තිබෙනවා.













