එළැඹෙන දීපාවලි උත්සව සමය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානය සතු වර්ග අඩි 23000ක ගොඩනැගිලි දෙකක් දින 14කට තාවකාලිකව වෙළෙඳාම් කිරීමට ලබාදීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 4,210,000 ක අමතර ආදායමක් උපයා ගැනීමට අද(05) දින හැකි වූ බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පවසනවා.
හැටන් දුම්රිය ස්ථානය සතු දැනට භාවිතයට නොගන්නා වර්ග අඩි 20000ක නව දෙමහල් ගොඩනැගිල්ල සහ වර්ග අඩි 3000කින් සමන්විත හැටන් දුම්රිය විශ්‍රාම ශාලාව දීපාවලී උත්සව සමය වෙනුවෙන් වෙළඳාම් කිරීමට ටෙන්ඩර් පත් කැඳවූ බවත් එම ටෙන්ඩර් පත් අද(05) දින විවෘත කළ අවස්ථාවේ නව දෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 40කටත් හැටන් දුම්රිය විහ්‍රාම ශාලාව දෙලක්ෂ දසදහසකටත් අලෙවි කිරීමට හැකි වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
ඉකුත් වසරේ නව ගොඩනැගිල්ල රුපියල් 1,025,000 මුදලකටත් විශ්‍රාම ශාලාව රුපියල් 74000කටත් අලෙවි වූ බවත් ඒ අනුව මෙවර එම ගොඩනැගිලි බදුදීම තුන් ගුණයකින් වැඩි වී ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරයා පවසනවා.
ටෙන්ඩර් පත් විවෘත කිරීමේ අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වානිජ අධිකාරි ඩබ්ලිව්.එච්. චන්දන, වෙළෙඳ සහ අලෙවි කළමනාකරු එච්.අයි. ජයතිලක, දිස්ත්‍රික් ප්‍රවාහන වානිජ අධිකාරි එච්.ටී. හීනැටිගල යන මහත්වරුවන් සහභාගි වූවා.