
කුයිල්වත්ත ප්‍රදේශයෙන් අවහිර වී තිබූ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා. අද අලුයම 1ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා. පොලිසිය දැනුම්දෙන්නේ, අදාළ ප්‍රදේශයේ තවදුරටත් කඩින්කඩ වැසි ඇදහැලෙමින් පවතින බැවින් පස් කඳු කඩාවැටීමේ අවදානම හේතුවෙන් ප්‍රවේසමෙන් රිය ධාවනය කරන ලෙසයි.














