හැටන් සිට ධාවනය කෙරෙන සමහර පෞද්ගලික බස් රථවල මගීන්ට ටිකට් පත් ලබානොදීමත් සමග එම බස් රථවල ගමන් ගන්නා මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.
මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ බස් මගීන් පවසන්නේ හැටන් සිට මස්කෙළිය, බගවන්තලාව, තලවකැලේ, සාංචිමලේ, ෆෝඩයිස්, ඩයගම, සාමිමලේ, ඇන්පිල්ඩ්, ඇබොස්ලි යන මාර්ගවල ධාවනය කරනු ලබන ඇතැම් බස් රථවල සේවය කරන කොන්දොස්තරවරුන් තමන්ගෙන් මුදල් ලබාගත්තද ටිකට්පතක් ලබානොදෙන බවයි.
එසේම ඇතැම් බස් රථවල කොන්දොස්තරවරුන් ටිකට්පතක් ඉල්ලන විට ඉතාමත් පහත් අන්දමින් බැන වදින බවද මෙම තත්ත්වයන් මත වැඩිපුර මුදල් ගෙවා තමන්ට ගමන් කිරීමට සිදුව ඇති බවත් මගීන් පවසනවා.
මෙම තත්ත්වයන් මෙම ප්‍රදේශයේ දිගු කලක සිටම සිදුවන පෞද්ගලික බස් මාෆියාවක් බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කර මධ්‍යම පළාත තුළද පෞද්ගලික බස් රථවල ටිකට්පත් ලබාදීම අනිවාර්ය කිරීමට පියවර ගන්නේ නම් එය පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන්ට විශාල සහනක් බවද මගීන් පවසනවා.