ඇද හැලුණු මහ වැසි සමග ආපදාවට පත් හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසනවා.
රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ රෝහල මේ වන විටත් ජලයෙන් යටවී ඇති අතර මේ වන විටත් රෝහල අඩි පහකට වඩා ජලයෙන් පිරී ඇති බවයි.
මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් කොළඹ හා පුත්තලම රෝහල් වෙත පිටත් කර යැවූ බවත් ඒ සමග අනෙක් රෝගීන් ගංවතුර මට්ටම් යම් තරමින් පහව යාමත් සමග නාවික හමුදාව හා යුධ හමුදාව මැදිහත්ව වාරියපොල හා කුරුණෑගල රෝහල් වෙත යැවීමටද කටයුතු කළ බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ජලයෙන් යටවීමත් සමග රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයට පවා හානි සිදුව ඇති අතර වාට්ටු ජලයෙන් පිරී යාමත් සමග බරපතල ගැටළු රැසකට මුහුණ දෙන්නටද සිදුවූ බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ.











