හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමේ නීතිය අද සිට ක්‍රියාත්මකයි.
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ අද දින සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. හයිලෙවල් මාර්ගය ඔස්සේ ධාවනය වන ඇතැම් බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇතුළු නොකර ධාවනය කිරීම හේතුවෙන් මගී ජනතාවට සහ රියදුරන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවීම සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ලබාදුන් උපදෙස් අනුව අද දින සිට මෙම නව වැඩපිලිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා.
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ අවිධිමත් ලෙස බස් රථ නවතා මගීන් නංවා ගැනීම හා බැස්සවීම හේතුවෙන් පැවති විශාල රථ වාහන තදබදය මේ සමඟ මඟ හැරෙනු ඇති අතර මගීන්ට මුහුණ දීමට සිදුවන අවදානම් තත්වයද පාලනය වනු ඇති.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුල මගීන්ට සහ බස් රථ වලට අවශ්‍ය සියළුම පහසුකම් විධිමත් ලෙස ස්ථාපිත කර ඇති බැවින් ජනතාවට වඩාත් සුවපහසු හා ආරක්‍ෂිත ලෙස තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට මෙම නව ක්‍රියාමාර්ගය ඉවහල් වනු ඇති.
ඊට අනුගත නොවන පිරිස් හඳුනා ගැනීම සඳහා ජංගම පරීක්ෂණ කණ්ඩායම් සහ රථවාහන පොලිසියද යොදවා ඇති අතර මෙම නීතී උල්ලංඝනය කරන බස් රථ සම්බන්ධව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්














