හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කිරීමේ නීතිය අද සිට ක්‍රියාත්මකයි.
හයිලෙවල් මාර්ගයේ ගමන්ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ අද දින සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. හයිලෙවල් මාර්ගය ඔස්සේ ධාවනය වන ඇතැම් බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇතුළු නොකර ධාවනය කිරීම හේතුවෙන් මගී ජනතාවට සහ රියදුරන්ට ගැටළු රැසකට මුහුණ දීමට සිදුවීම සැලකිල්ලට ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ලබාදුන් උපදෙස් අනුව අද දින සිට මෙම නව වැඩපිලිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා.
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ අවිධිමත් ලෙස බස් රථ නවතා මගීන් නංවා ගැනීම හා බැස්සවීම හේතුවෙන් පැවති විශාල රථ වාහන තදබදය මේ සමඟ මඟ හැරෙනු ඇති අතර මගීන්ට මුහුණ දීමට සිදුවන අවදානම් තත්වයද පාලනය වනු ඇති.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුල මගීන්ට සහ බස් රථ වලට අවශ්‍ය සියළුම පහසුකම් විධිමත් ලෙස ස්ථාපිත කර ඇති බැවින් ජනතාවට වඩාත් සුවපහසු හා ආරක්‍ෂිත ලෙස තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට මෙම නව ක්‍රියාමාර්ගය ඉවහල් වනු ඇති.
ඊට අනුගත නොවන පිරිස් හඳුනා ගැනීම සඳහා ජංගම පරීක්ෂණ කණ්ඩායම් සහ රථවාහන පොලිසියද යොදවා ඇති අතර මෙම නීතී උල්ලංඝනය කරන බස් රථ සම්බන්ධව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
උණුසුම් පුවත්
- නායයාමකින් සුඩානයේ දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
- එජාපය – සජබය යාළු වෙයි – පාක්ෂිකයින්ට කොළ එළි
- බණ්ඩාරනායකගේ අතට 74යි – ඩාර්ලි පාරේ උත්සවයක්
- කප්තුරු සවිය ජාතික වැඩසටහන ඇරඹෙයි – LIVE STREAMING –
- මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස පිටියට සමුදෙයි
- වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට
- ලාෆ්ස් ගෑස් මිල ගැන නිවේදනයක්
- හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි