ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් වාර්තා රැසක් අලුත් කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 31 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ පළමවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළා.
වාර්තාගත හඹා යාමක් සදහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 246 ක් පමණයි.
හයිදරාබාද් කණ්ඩායම මෙම තරගයේ දී ලබා ගත් ලකුණු 277 ඉතිහාසගත වුණේ අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
මෙම තරගයේ දී කණ්ඩායම් දෙකේම පිතිකරුවන් හයේ පහර 38ක් එල්ල කළ අතර, එය ද අයි.පී.එල් තරගයකදී හා විස්සයි 20 තරගයකදී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව බිද දැමීමක් වනවා.
එමෙන්ම මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම ලකුණු 523 ක් ලබා ගැනීමට සමත් වූ අතර, එය ද අයි.පී.එල් තරගයකදී හා විස්සයි 20 තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි ඉතිහාසගත වුණේ.
කිසිදු අයි.පී.එල් තරගයකදී මීට පෙර ලකුණු 500 ක් වාර්තා වී තිබුණේ නැහැ.
සන්රයිසස් ඉනිම වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් ට්‍රැවිස් හෙඩ් පන්දු 24 කින් ලකුණු 62 ක් ද, අභිෂේක් ෂර්මා පන්දු 23 කින් ලකුණු 63 ක් ද වාර්තා කළා.
අභිෂේක් සිය අර්ධ ශතකය පන්දු 16 කින් වාර්තා කළ අතර, එය සන්රයිසස් වෙනුවෙන් අයි.පී.එල් ඉතිහාසයේ දී වාර්තා වූ වේගත්ම අර්ධ ශතකයයි.
ඔහුට පෙර පන්දු 18 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ට්‍රැවිස් හෙඩ් මේ වන විට සන්රයිසස් වෙනුවෙන් දෙවැනි වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙස ඉතිහාසගත වී සිටිනවා.
හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තේ පන්දු 34 ක් පමණක් වැය කරමින්. ඔහුගේ ඉනිම හයේ පහර 7කින් හා හතරේ පහර 4කින් වර්ණවත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, සන්රයිසස් කණ්ඩායමේ පන්දු යවන්නන් දැක් වූ දක්ෂතා හේතුවෙන් එය අහිමි වී ගියා.f
මෙහිදී මුම්මබායි කණ්ඩායම වෙනුවෙන් තිලක් වර්මා පන්දු 34 කින් ලකුණු 64 ක් ලබා ගත් අතර, ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 42 ක් රැස් කළේ පන්දු 22 ක් පමණක් වැය කරමින්.
මෙහිදී ඉෂාන් කිෂන් පන්දු 13දී වේගවත් ලකුණු 34ක් ලබා ගැනීමද කැපී පෙනුනා.
පන්දු යැවීමේ දී ජයිදේව් උනඩ්කට් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










