ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 23 වැනි තරඟයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 182ක් රැස් කළා.
එහිදී නිතීෂ් කුමාර් රෙඩ්ඩි පන්දු 37දී ලකුණු 64ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී අර්ශදීප් සිං ලකුණු 29ට කඩුළු 4ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 180ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂශන්ක් සිං පන්දු 25දී නොදැවී ලකුණු 46ක් රැස් කළා.
පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 32ට කඩුළු 2ක් බිඳ හෙළුවා.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්