සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ තාක්ෂණ දායකත්වය ලබාදීමට බි්‍රතාන්‍ය එකඟතාව පළ කර තිබෙනවා.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවේ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයායි මෙම එකඟතාව පළ කළේ.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
සෞඛ්‍ය සේවාවට අදාළ කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
වෛද්‍ය උපකරණ , තාක්ෂණය මෙන්ම සේවා කටයුතු සැපයීම සඳහා සහාය දෙන බවට මහකොමසාරිස්වරයා එහිදී එකඟතාව පළ කර තිබෙනවා
වත්මන් රජයේ ජනතාවාදී වැඩපිළිවෙල ද ඒ මහතාගේ ඇගයීමට ලක්කෙරුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට අවධානය යොමුකරන බවයි මහකොමසාරිස්වරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ..
උණුසුම් පුවත්
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ











