ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන ආශ්චර්යයක් සිදු කර ඇති බව නෝර්වේ රාජ්‍යයේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම් පවසනවා.
ජනාධිපති වික්රමසිංහව ‘පැන නොගිය මිනිසා’ ලෙසින් තමා හඳුන්වන බව පවසමින් සිය නිල X ගිණුමේ සටහනක් තබා සඳහන් කරන්නේ, මීට මාස 18කට පෙර ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික අගාදයක ගිලී සිටි බවත්, එහි ප්‍රතිපල ලෙස නොනවතින විදුලි විසන්ධි කිරීම්, ඉන්ධන පෝලිම් සහ උද්ධමනය නිසා මෙරට ව්‍යාපාර බංකොලොත් වූ බවත්, එවක ජනාධිපතිවරයාව ජනතාව විසින් පළවා හැර දැමූ බවයි.