සූරියකන්ද පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගෝනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාළව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
වනජීවි ආඥා පනත උල්ලංඝනය කිරීමට එරෙහිව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් හෙට(07) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














