ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘත කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රෝහණ බැද්දගේ මහතාගේ විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන සූර්ය මංගල්‍යය ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් ඊයේ වාරියපොළ දී සැකපිට අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි මෙම සුරාබදු නිලධාරියාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
සැකකරු අද කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
- ටාවි සමරවීර දිවයිනට
- දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගීම හෙට සිට
- දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- සෞඛ්‍ය සේවයේ 213 දෙනෙකුට පත්වීම් ලිපි
- වතුකර ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට මිලිමීටර් 50ට වැඩි වැසි
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්










