සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව ඉන්දියානු රජයේ මූල්‍ය ප්රතිපාදනයෙන් දකුණු පළාතේ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සදහා පාසල් 200 කට සුහුරු පංති කාමර සහ එක් පංතියකට ටැබ් පරිඝණක යන්ත්‍ර 10 බැගින් පංති කාමර 200 ක් සදහා ටැබ් පරිඝණක යන්ත්‍ර 2000 ක් බෙදා දීම අද දින පෙරවරුවේ (06) ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් ගාල්ල Hall De Galle ශාලාවේදී පැවැත්විණි.
ඉන්දියානු රජය මගින් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් ලක්ෂ 3000ක (කෝටි 30ක) මුදලක් දකුණු පළාත් සභාව වෙත ලබා දී ඇති අතර මෙම ව්‍යාපෘතිය සදහා තෝරාගත් පාසල් 200 අතරින් පාසල් 150ක් ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර ඉතිරි පාසල් 50 හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්ක වලට අයත් වේ.