නීතියට පටහැනි ආකාරයෙන් රහස් පොලිසිය තමන්ට එරෙහිව කරන පරීක්ෂණවලින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට නියෝගයක් කන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මහතා ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දී තිබෙනවා
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලුවා
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය නීතිඥ සුජීව සේනසිංහ මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු 18 දෙනකු නම් කර තිබෙනවා