පළාත් පාලන ආයතනවල කොට්ඨාස සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.
පාර්ශව රැසක් විසින් කරන ලද ඉල්ලෙම් අනුව එහි කාලය දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කළ බව එම කමිටුව පවසන්නේ.
පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඒ අනුව, පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණයට අදාළව දේශපාලන පක්ෂ, සිවිල් සමාජ කණ්ඩායම් සහ මහජනතාවට සිය යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.
මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුව නම් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුවයි.
සීමා නිර්ණ කමිටුවේ නිල කාලය පෙබරවාරි 28 වැනිදායින් අවසන් වනු ඇති.
උණුසුම් පුවත්
- ත්‍රීරෝද රථ රියදුරන්ගේ ආකල්පහා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්
- ඉන්දන හිඟය ගැන නිවේදනයක්
- ප්‍රථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් මේ වසර තුළ
- ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බව අගමැතිනිය කියයි
- ඉරානයේ සියලුම ගොඩබිම් දේශසීමා හරස් මාර්ග විවෘත කෙරෙයි.
- හයිද්‍රාබාද් ගුවන් තොටුපළට බෝම්බ තර්ජනයක්
- අතහැර දමා ගොස් තිබු සුඛෝපභෝගී වෑන් රථයක් හමු වෙයි.
- සජබ කොලොන්නා බල කනුවගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වෙයි.