වර්ණක යොදා දුඹුරු සීනි අලෙවි කළ සීදූව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලකට දඩ නියම කර තිබෙනවා.
ඒ අනුව, මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්‍ෂ හතරක දඩ මුදලක් නියම කරනු ලැබුවා.
වෙළෙඳ පොළේ අලෙවි කරන දුඹුරු සීනිවලට වර්ණක යොදා තිබේ ද යන්න පරීක්‍ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සීදූව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකින් සාම්පල් ලබාගෙන 2022 වසරේදී පරීක්‍ෂණාගාර වෙත යොමු කර තිබෙනවා.
එහිදී එම සාම්පල් ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අනුකූල නොවන බවට ලැබුණු වාර්තා සැලකිල්ලට ගෙන එම දුඹුරු සීනි විකිණීම සහ ඉදිරිපත් කිරීම යන චෝදනා දෙකක් යටතේ 2023 වර්ෂයේ දී මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවැරීමටයි කටයුතු කර තිබුණේ.
ඒ අනුව පසුගිය 19 වැනිදා එම වැරදි දෙක සඳහා වරද පිළිගැනීමෙන් පසු එම සුපිරි වෙළෙඳසලට මෙම දඩ මුදල නියම කර තිබෙනවා.