ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා සදහන් කලේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් එක්ව සීගිරිය උරුම කළමනාකරණ මාර්ග උපදේශ සැලැස්ම සහ යෝජනා වලියක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබුණා.
මෙය සකස් කිරීම සඳහා යෝජනා වී ඇත්තේ නවසර ඉදිකිරීම් බහුලව ක්‍රියාත්මක වීම සීගිරිය භූ දර්ශනයට විශාල හානියක් සිදුවීම නිසා ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවත්වීමේ අවධානමක් පැවතීමහේතුවෙන්.
ඒ අනුව සිගිරිය උරුම කළමනාකරණ මාර්ග උපදේශන සැලැස්ම සහ යෝජනාවලිය සැකසූ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් රජයට මෙම යෝජනා වලිය සහ සැලැස්ම ලිඛිතව බාරදීම මෙහිදී සිදු කර ඇති බවයි වාර්තා වුනේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය තිලාන් කුරේ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් ඇතුළු රාජ්‍ය නිලධාරී හෝ මෙම නව යෝජනාවලිය සහා මාර්ග උපදේශනය අමාත්‍යවරයා වෙත ලබා දීම සිදු කර තිබුණා.
උණුසුම් පුවත්
- උතුරේ ඉඩම් නිදහස් කිරීමට රජයේ අවදානය
- ඒකාබද්ධව මිසයිල නිෂ්පාදනයට ඉන්දියාව සහ ඊශ්‍රායලය සැරසෙයි
- ප්‍රබල අකුණු පිළිබද කාලගුණයෙන් නිවේදනයක්
- ව්‍යාජ සමාජමාධ්‍ය ගිණුම් හරහා මුදල් වංචා කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට
- අරගල සමයේ ගිනි තැබූ නිවාසවලට වන්දි අය කරගත් ආකාරය අභියෝගයට ලක්කරමින් පෙත්සමක්
- ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමට අවධානය
- ගිනි අවියක් සහ උණ්ඩ සමග හිටපු අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට
- මෙම වසරේ රිය අනතුරුවල වැඩිවීමක්










