
ජාතික තේ ඉලක්කය වෙනුවෙන් සිලෝන් ටී විලේජ් ජාතික වැඩසටහන දිස්ත්‍රික්ක 12කදී අද සිට ආරම්භ කිරීමට නියමිතයි.
තේ ගම්මාන 500ක් පිහිටුවීම වැඩසටහනේ ඉලක්කය වනවා. 2030 වනවිට මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණයි. තේ ආපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නංවා ගැනීම ද ඉලක්කයක් වී තිබෙනවා. මෙම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණෙනුන් යුතුවයි තේ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. කුඩා තේවතු අංශය නවීකරණය කිරීම , කුඩා තේවතු හිමියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ තේ කර්මාන්තයේ තිරසර සංවර්ධනය වේගවත් කිරීම ද මෙමගින් අපේක්ෂා කරනු ලබනවා. දළු අස්වැන්න හා ඵලදායිතාව ඉහළ නැංවීම , ආදායම් වර්ධනය , අගය එකතුකළ තේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම , තේ කර්මාන්තය සංචාරක කර්මාන්තය සමග ඒකාබද්ධ කිරීම අරමුණු අතර වනවා. නවීන හා තිරසර වගා තාක්ෂණ ක්‍රම හදුන්වාදීම , යටිතල පහසුකම් සංවර්ධනය සහ නිෂ්පාදන සමූපකාර ශ්‍රමය ශක්තිමත් කිරීම ද ඊට අයත්වනු ඇති.














