සිරියාවේ, ඕතඩොක්ස් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් විස්සකට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය, හිටපු සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් දෙසැම්බර් මාසයේදී බලයෙන් පහකර ඉස්ලාමීය නායකත්වයෙන් යුතු රජයක් විසින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් පසු සිරියාවේ සිදු වූ පළමු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ. මෙම මාරාන්තික ප්‍රහාරයෙන් තවත් පුදගලයින් හැට තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවයි සිරියානු රාජ්‍ය මාධ්‍ය පවසන්නේ. අයි.එස් සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු යාඥා කරන අතරතුර ග්‍රීක ඕතඩොක්ස් ශාන්ත එලියාස් පල්ලියට ඇතුළු වී වෙඩි තබා පසුව පල්ලිය තුළ සිටියදී පුපුරණ ද්‍රව්‍ය කබායක් පුපුරුවා හැර ඇති බවයි සිරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













